ග්‍රාමීය-නාගරික-වැවිලි ප්‍රජාවන් නංවා රට හදන ඩිජිටල් වේදිකාව
රට හදමු...
අපේ රට දියුණු කරන්න අනුන් පස්සෙන් යන යුගය ඉවරයි. නවීන ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කිරීමෙන්, අපට එකතු වී අපේම අනාගතය, අපේ පවුලේ සුබසාධනය, අපේ ගමේ සංවර්ධනය සහ රටේ සංවර්ධනය ප්‍රතිනිර්මාණය කළ හැකිය.
මෙම ඩිජිටල් වේදිකාව නවීන ඩිජිටල් තාක්‍ෂණයෙන් උපරිම ප්‍රයෝජනය සඳහා ගොඩනැගුණු ජනතා වේදිකාවයි.
நாட்டை மீட்டெடுப்போம்...
நம் நாட்டை மேம்படுத்த பிறரைப் பின்பற்றும் காலம் முடிந்துவிட்டது. நவீன டிஜிட்டல் தொழில்நுட்பத்தைப் பயன்படுத்துவதன் மூலம், நம் சொந்த எதிர்காலத்தையும், நம் குடும்பத்தின் நலனையும், நம் கிராமத்தின் வளர்ச்சியையும், நாட்டின் வளர்ச்சியையும் மீண்டும் உருவாக்க முடியும்.
இந்த டிஜிட்டல் பிளாட்பார்ம் நவீன டிஜிட்டல் தொழில்நுட்பத்தின் பலன்களை அதிகப்படுத்துவதற்காக உருவாக்கப்பட்ட மக்கள் தளமாகும்.
Let's revive the country...
The era of following others to improve our country is over. By using modern digital technology, we can get together and recreate our own future, the welfare of our family, the development of our village, and the development of the country.
This digital platform is the people's platform built to maximize the benefits of modern digital technology.


අපි සැවොම එක්වී රට හදමු!
ශ්‍රී ලංකාව මිනිස් වාසයට ඉතාම සුදුසු, වසර පුරා හිරු එළිය වැටෙන, මෝසම් වැසි දෙකකින් ආශිර්වාදය ලැබූ නිවර්තන කලාපීය දූපතකි.
ජෛවවිවිධත්වයෙන් අනූන වූ ශ්‍රී ලංකාවේ ගොඩබිමත් එමෙන්ම ඊට හිමි ඉන්දියන් සාගරයේ ආර්ථික කලාපයත් වසර 2600ට අධික කාලයත් තිස්සේ අඛණ්ඩව පැවති මැදුම් පිළිවෙත හා සකසුරුවම්කම පදනම් වූ බොදුදහමත් නිසා තිරසර යුගයේ ලෝකයේ ආදර්ශමත් රටක් බවට අපේ මේ මව්බිම පත් කළ හැකිය.
අවාසනාවකට මෙන් අද වනවිට ශ්‍රී ලංකාව ලෝකයට ණය වී බංකොලොත් වූ රාජ්‍යයක් බවට පත් වී ඇත. එබැවින් රට යලි ගොඩ ගැනීමත් තිරසර යුගයේ ආදර්ශමත් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාවත් පත් කිරීමත් අපගේ කාර්යභාරයයි. නවීන සංනිවේදන තාක්ෂණය ලොකු-කුඩා, දුප්පත්-පොහොසත් අප සැමගේ ප්‍රාර්ථනාවන් එකට කැටිකර හැමෝගෙම අභිලාශයන් ඉටු කරන සහජීවනයේ මාවත විවර කරදෙන්නට තැනුණු අපූරු මෙවලමකි. ඒ මෙවලම නිර්මාණාත්මකව පරිහරණය කර සැමට තෘප්තිමත්ව ජීවත් විය හැකි තිරසර සංවර්ධන මාවත පාදා ගැනීම පිණිස මෙම ඩිජිටල් වේදිකාව ඇපකැප වී ඇත.
අපේ දුදරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසා අපට පැවරී ඇති වගකීම ඉටුකරලීම සඳහා එන්න, අප හා එක්වන්න.
සමගි ජන බලවේගයේ ප්‍රධාන නිලධාරී මණ්ඩලය

පක්ෂ නායක
සජිත් ප්‍රේමදාස

මහ ලේකම්
රංජිත් මද්දුම බණ්ඩාර

ජාතික සංවිධායක
තිස්ස අත්තනායක

භාණ්ඩාගාරික
හර්ෂ ද සිල්වා